බුදුරජාණන් වහන්සේ ගැන පමණක් නොව උන්වහන්සේ දේශිත ධර්මය පිළිබඳවද විශ්වාසය ඇතිකර ගැනීම සද්ධානුසාරි පුද්ගලයාගේ ලක්‍ෂණයයි.
සද්ධානුසාරී අවස්ථාවෙන් මඳක් ඉදිරියට ගිය අවස්ථාව සැලකෙන්නේ
ධම්මානුසාරී අවස්ථාව ලෙසයි. බුද්ධ භාෂිතය පිළිබඳ මාත‍්‍ර වූ වැටහීමක් ධම්මානුසාරී පුද්ගලයාට ඇත. (තථාගතප්පවේදිතස්ස ධම්මා පඤ්ඤාය මත්තසො නිජ්ඣානක්ඛමන්ති) සද්ධානුසාරී හා ධම්මානුසාරි පුද්ගලයන් දෙදෙනාගේ වෙනස නම් සද්ධානුසාරි පුද්ගලයාගේ සද්ධා, විරිය, සති, සමාධි, ප‍්‍රඥා ඉන්ද්‍රියන් මාත‍්‍ර වශයෙන් වැඩෙන්නට ආරම්භ වී තිබීමත් ධම්මානුසාරී පුද්ගලයා තුළ ප‍්‍රඥා ඉන්ද්‍රිය මාත‍්‍ර වශයෙන් මුහුකුරා තිබීමත් ය.
පහත සදහන් වෙබ් අඩවියන්ගෙන් ඔබට තවදුරටත් පැහැදිලි කිරීම් ලබාගත හැකිය.